උසස් පෙළ………

දෑ වසක් පුරාවට
දුටුව සිහිනය
දෑ වසක
අභියෝගයකට
අනතුරුව
ජනිත වන්නට
කාලයයි මේ……….

Advertisements

අලුත් රටක්………..

පොල් ගෙඩිය හැටක් වෙන
එළවළුද ගණන් යන
අල බතල පෙරට එන
කන්න තව කෑම ඇත
පාන් කන සොක්කන්ට
ඇති තරම් කේක් ඇත
වැසි ජලය නොම රැදෙන
පාරවල් ඇත බෝම
සුදුස්සාටම සුදුසු තැන
ලැබෙන වෙන රටක් නැත
ඉතින් වෙන කොහියමි ද?
සුරසැ‍පනෙ අලුත් රට

කාලය ඇවිත්………..

දෙදහස් හයසිය වසරක් ගත විය
සම්බුදු පදවිය ලබලා
නිවන් දකින්නට හොදටම කල් ඇති
අපමණ බුදු බණ අහලා
නොපනත්කම් නොමිනිස්කම්
හැම තැනකම පිරිලා
සදහමි දිවයින නැවතත් ගොඩනගමු
බොදුවනි අත්වැල් බැදලා

 

පරිගණක සම්මන්ත්‍රණය දා……

අපේ පාසලේ පරිගණක සම්බන්ධ  සම්මන්ත්‍රණයක් පැවැත් වුවා.එය සංවිධානය කරේ අපේ අරුණ සර්.අපේ පාසල අවට තිබෙන පාසල් වලින් පරිගණක හදාරන ළමයින් සහ ගුරුවරු පැමිණියා.ළමයි හැත්තෑවක් ආවා.සම්මන්ත්‍රණයෙන් ආපු හැමෝම නව දැනුමක් ලබා ගෙන තිබුණා. පුස්තකාලය තුලට ළමුන් කණ්ඩායම් වශයෙන් රැගෙන අරුණ සර් පරිගණක විෂය පිළිබදව ඔවුන් මනා දැනුමක් ලබා දුන්නා. ඉන් පසු ඒ ළමුන් පරිගණක කාමරයට ගෙන පරිගණක භාවිතයෙන් ක්‍රියාකරකම් වල නිරත වුණා.පුරා පැය හයක කාලයක් පමණ බොහෝ දැනුම ලබා ගනිමින්  අප පාසලේ කාලය ගත කළා.ඇත්තටම දැනුම සපිරි ගුරුවරයෙක් අප සතුව හිදිම ගැන අප සතුටු වෙනවා.අරුණ සර්ට මේ විදියට දැනුම ළමයින්ට ලබා දෙන්න තවත් ශක්තිය ධෛරය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.

රාත්‍රිය සහ මම………

නිහඩ කිම මේ රාත්‍රිය
අදුරැ වු මිහිමතේ
රැදුරැ බව දැනුනේ
ඔබ ළග නොවුනයින්
දැනුන බිය සගවාම………
වෙන්වුයේ කිමැයි ඔබ මගෙන්
නැගු යේ පැනයට
හදවත දොස් තැබු
හෙයින් මටම
ගැලු කදුලු සගවාම
නිහඩ වුනි දුක දරා……………

හැන්දෑව………..

විඩාපත් සිරැරැ තුළින්
මැවුණු දිගු සෙවනැලිද සමගින්
රතු රඹ පැහැ සළු පළදවාලු
වළාකුළුද සමගින්………
සුර්ය මඩල ගිලෙයි
පොළෝ කුහරයට වෙනස්විම
සදාතනික ඇත්ත බව
උවැසි සිත් වලට නිහඩවම
පවසම්න්………..

බොදවන පැතුමි…………

අළුත් දවසකට හීන දකින්නෙමි
ඒ දවසත් හීනයක් වෙලා
ඉර හද එන තුරු බලා හිදින්නෙමි
ඉර හද විතරක් පමා වෙලා…..

සිනහව කදුළැලි සගවා සිටියත්
ඒ කදුලම මුළු හිතම දවයි
සගවන කදුලට දහසක් කදුළැලි
අවුදින් සිනහව මකා දමයි……………..

බලාපොරොත්තුව තුරුලට ගත්තත්
ජිව්තයම මග නතර වෙලා
ඉරහද කිම මේ තරමට රිදවුමි
වසන්තයත් යයි නිමා වෙලා………….